පළාත් පාලන මැතිවරණයට අදාළ ප්‍රාදේශීය සභා සංශෝධන, නගර සභා සංශෝධන, මහ නගර සභා සංශෝධන යන පනත් ත්‍රිත්වයට කථානායක කරූ ජයසූරිය මහතා විසින් සිය අත්සන සටහන් කර ඇත.
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා මහනුවර මහ රෝහලේ මානසික සුවතා ඒකකය එක්ව සංවිධානය කළ අන්තර් ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය විවාද තරඟයේ ප්‍රථම ස්ථානය මැදදුම්බර
ප්‍රාදේශිය ලේකම් කාර්යාලටය හිමිවිය.
ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ඉඩම් ගැටලූ නිරාකරණය කර සින්නක්කර ඔප්පු ලබා දීමේ දැවැන්ත අභියෝගය යථාතත්වයක් බවට පත් කිරීමේ කාර්යය හමුවේ,ඉඩම් අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතන එක් දම්වැලක පුරුකක් සේ මේ දැවැන්ත අභියෝගය ජයගත යුතුව තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ජාතික රුක්රෝපණ මාසයට සමගාමීව ක්‍රියාත්මක වන ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමය - 2017 රාජ්‍ය සේවක දින වැඩසටහන හා වනරෝපා - 2017 වැඩසටහන ඊයේ (11) ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්විණි.
ගම්පහ දිසාපති/ දිස්ත්‍රින් ලේකම් සුනිල් ජයලත් මහතාගේ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මේ වැඩසටහනේදී ගෙවත්තක් සැලසුම් කිරීමේ න්‍යායාත්මක දේශන හා යහපත් ආහාර පරිභෝජනය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කෙරිණි.
dmu-gampaha