රටේ පවතින නීතිය මේ රටේ සියළු දෙනාට පොදුවිය යුතු බවත් පසුගිය සමයේ නීතිය නොතකමින් කටයුතු කළ අයට ඉදිරියේදී අනිවාර්යෙන්ම දඩුවම් හිමිවන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කළාය.
මත්තල ගුවන්තොටුපළ විකුණන්නේ නැති බවත් ගුවන්තොටුපළ ක්‍රියාත්මක ගුවන්තොටුපළක් බවට පත් කළ යුතු බවත් ඒ සඳහා ශක්තිමත් ආයෝජකයකු ගෙන්විය යුතු බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.
පාර්ලිමේන්තු රැස්වීම පවත්වනු ලැබූ කාලසීමාව අනවශ්‍ය ලෙස දීර්ඝ කිරීමක් හෝ සිදු නොවූ බවත් අදාළ සංශෝධන සියල්ල යථා පරිදි පාර්ලිමේන්තුවට ලැබුණු විගසම පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතපාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව සම්මත කළ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කරයි.