පෙබරවාරි 11, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    නියෝග තුනක් විවාදයට

    සැප්තැම්බර් 22, 2017

    ආනයන හා අපනයන ( පාලන ) පනත යටතේ නියෝගය  සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝගය  අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට දේශීය නාලිකාවල පෙන්වීම හේතුවෙන් දේශීය ටෙලි නාට්‍ය හා ශිල්පීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල වී ඇති බවත් ටෙලි නාට්‍ය සඳහා නීති සකස් කර ප්‍රමිතියක් සකස් කළ යුතුව තිබෙන බවත් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්  සාධණීය වැඩපිළිවෙලක් රටට දායාද කිරීමට කටයුතු කළ බවත් රටේ ස්ථාවරභාවය, ඒකීයභාවය වෙනුවෙන් ජනතා ඡන්දයෙන් තොරාගන්නා යම් බලතල ප්‍රමාණයක් සහිත ජනාධිපතිවරයකු සිටිය යුතු බවට යෝජනා කළ බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    හරිත අන්තවාදයක් තිබෙනවා.පරිසර වාදය හරිත අන්තවාදයකට ගොස් තිබෙනවා. මිනිසා සහ සතා අමතක කර තිබෙනවා. ගැමි ගොවියා ගම්මාන අතහැර දමා යන තැනට පත්වෙලා. මේ සම්බන්ධයෙන් විශාල සමාජ කථිකාවක් අවශ්‍ය වී ඇතැයිනිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya