ලබන ජනවාරී මස සිට සියලු ඇමතිවරු සෑම දිස්ති‍්‍රක්කයකම පැවැත්වෙන දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්විම් සඳහා සහභාගී විය යුතු අතර, තම අමාත්‍යාංශය මගින් අදාළ දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කෙරෙන සංවර්ධන වැඩසටහන් පිළිබඳ එහිදී ප‍්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම රාජ්‍ය නිලධාරින් දැනුවත් කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන සති දෙක තුන ඇතුළත පොල් මිළෙහි යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවත් වැවිල් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මාතර ප්‍රාදේශිය සාහිත්‍ය කලා මහෝත්සවය මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්විණි.
''නිවාස ප්‍රතිපත්ති : පහසු නිවාස''මැයෙන් 2017 - ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන නිමිත්තෙන් අඩු ආදායම්ලාභී හා අවදානම් සහගත පවුල් සඳහා වන නිවාස ආධාර හා වැසිකිළි ආධාර බෙදා දීමේ උත්සවයක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය හා ක්‍රීඩා හා ග්‍රාම සංවර්ධන, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.