එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
නැඟෙනහිර විශ්වවිද්‍යාලයේ පීඨ පහක ගැටළුවක් ඇති වී නොමැති බවත් විශ්වවිද්‍යාල නීතියට අනුව සියයට 80%ක පන්ති සහභාගීවීමක් සිදු විය යුතු බවත් සිසුන් හා ඔලුවිල් ගම අතර කිසිදු ප්‍රශ්නයක් නොමැති බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි.
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.
ලක්ෂ 20 කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීමේ අභියෝගය භාරගෙන තිබෙන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.
ශ්‍රී ලංකාවේ මිනින්දෝරු ආයනතයේ 91 වන සංවත්සරික උත්සව සභාව අමතමින් ඉඩම් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ ඉතාමත් පැරණිම දෙපාර්තමේන්තුක්. අපේ රටේ පළමුවන අගමැති , ඒ වාගේම පළමුවැනි ඉඩම් ඇමැති ලෙස කටයුතු කරපු ඩි.එස්. සේනානායක මහතා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති කෙනෙක් ලෙස, මම අහලා තියනවා.
මෙවන් දීර්ඝ ඉතිහාසයක් ඇති මිනින්දෝරුවරුන් විශාල පිරිසක් අද දින තම 91 වන සංවත්සරය සමරමින් ශ්‍රී ලංකාවේ මිනින්දෝරුවරුන්ගේ ආයතනයට සම්බන්ධ වී සිටිනවා. රටටත්, ජනතාවටත් ඉතා අත්‍යවශ්‍ය පිරිසක් තමයි මිනින්දෝරුවරුන් කියන්නේ.
මහා පරිමාණ ව්‍යාපෘතියක් බැලුවත් මිනින්දෝරුවරුන්ගේ සේවය ඉතා අත්‍යවශ්‍ය සේවයක්. එමෙන්ම මම හිතන්නේ අපේ රටේ අඩු පහසුකම් මැද විශාල සේවාවක් ලබා දෙන පිරිසක් හැටියටත් මා දකිනවා.අපේ රජයේ ප්‍රමුඛ මැතිවරණ පොරොන්දුවක් තමයි ලක්‍ෂ 20 කට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම. අද ඉඩම් ඇමති හැටියට මම ඒ අභියෝගය භාරගෙන තිබෙනවා. ඉඩම් ඔප්පු ලබා දෙන කොන්දේසි ලිහිල් කරපු වැඩ සටහනේ මූලික කෙටුම්පත් සකසා නිතීපතිට ලබා දී තිබෙනවා. ඉදිරිකාලයේදී එම කෙටුම්පත් කැබිනට් අනුමතයෙන් පසුව පාර්ලිමේන්තුව ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම උත්සවයේදී රජයේ මිනුම්පති පි.එම්.පි. උදයකාන්ත මහතා ද සංවත්සර උත්සවය ඇමතීය.
ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනයේ සාමාජික, සාමාජිකාවන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වී සිටියහ.