යුක්තිය පසිඳලීම කාර්යක්ෂමව සිදු කිරීම, අධිකරණ කටයුතුවලදී ඇති නඩු ප‍්‍රමාදයට විසදුම් ලබාදීම, ස්ති‍්‍ර පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම සදහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නිතීඥ තලතා අතුකෝරල මහත්මිය පවසයි.
පුත්තලම කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ජනතාව වෙත කුඹුරු ඉඩම් අක්කර 100 ක් ප‍්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.
කළු ගඟට ලවන ජලය එකතුවීම වැළැක්වීම සදහා ලවන බාධකයක් ඉදිකිරීමට පියවර ගන්නා බවත්, ගංවතුර පාලනය කිරිම සදහා වැඩපිළිවෙලක් සකස් කරන බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සියලු දෙනාට සාධාරණ නීතියක් යටතේ ජීවත්වන රටක් සෑදීම අවශ්‍ය බවත් ටෙන්ඩර් ක්‍රියවලිය ''ඊ ටෙන්ඩර්'' ක්‍රියාවලියකට යා යුතු බවත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.