ඖෂධ නිසි ලෙස භාවිතා නොකොට ඉවත දැමීමෙන් රටේ ආර්ථිකයට එය බලපාන බවත් රෝගීන් විසින් ඖෂධ නිසි උපදේශයකින් තොරව භාවිතා කළොත් එය ශරීරයට අහිතකර ලෙස බලපාන බවත් ඒම නිසා රටේ යහ ඖෂධ භාවිතාවකට සියලු දෙනා එක්වෙමු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.
වෛද්‍යවරුන්ගෙන් හෝ ඖෂධවේදීන්ගෙන් තමන්ට ලබාදී ඇති ඖෂධ පිළිබඳව දැනගැනීමට රෝගියාට අයිතියක් තිබෙන බවත් ජනගහනයෙන් සෞඛ්‍ය පිළිබඳව පවතින සාක්ෂරතාවය සියයට 50%ට වඩා අඩු බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචර්ය වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය පැවසුවාය.
අන්තර්ජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඊයේ දින ( 11) වන දින දවස පුරා ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත්විණි.
ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 15 දින සිට කොළඹ දී පැවැත්වීමට නියමිතය.