දිවයින හරහා(විශේෂයෙන්උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වල)සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයේ තරමක වැඩිවීමක් හෙට සිට (16) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලංකා ජාතික ඡායාරූප කලා සංගමය සංවිධානය කරන 18 වන අන්තර්ජාතික ඡායාරූප ප්‍රදර්ශනය අද සිට 15 දින සිට කොළඹ දී ආරම්භ වෙයි.
ජාතික අනතුරු නිවාරණ සතියේ දී මාර්ග අනතුරු සම්බන්ධයෙන් යතුරුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මාර්ග අනතුරු වැලක්වාගැනීමට ආකල්පමය වෙනසක් ඇතිකරගත යුතු බව කොළඹ පොලිස් රථවාහන මධ්‍යස්ථානයේ සහකාර පොලිස් අධිකාරි ඩබ්ලිව්. ඩී.ඒ. ධනංජය මහතා පවසයි.
යහපාලන රජය බලයට පත්ව ගෙවීගිය වසර දෙක තුළ සිදුකළේ හිටපු පාලකයන්ගේ පවු වලට මැදිව පීඩා විදි මෙරට ජනතාව මුදාගැනීම සදහා කටයුතු කිරීමට බවත් ඉදිරි වසර තුන මෙරට ජනතාවට වගේම රටට සහන සැලසීම වෙනුවෙන් කැපවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.