ඉදිරි පළාත් පාලන මැතිවරණ සඳහා ඉදිරිපත්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කර තිබෙන වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් ඉදිරිපත්වන අපේක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩසටහන (16) පෙරවරුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (17) පස්වරුවේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකාවේ පුද්ගලයන් රෝහල්ගත කිරීමට සිදුවන ප්‍රධාන සාධකය වන්නේ අනතුරු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පවසයි. දෙවන ජාතික අනතුරු නිවාරණ සතිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
ලොව පුරා අනතුරු හේතුවෙන් වසරකට මිලියන 05ක් පමණ ජීවිත අහිමි වෙනවා.බොහොමයක් මෙම අනතුරු සිදුවන්නේ ඵලදයී කණ්ඩායමටයි.සෑම මිනිත්තුවකටම අට දෙනෙකු කිසියම් අනතුරක් නිසා රෝහල්ගත වෙනව.දිනකට අවම වශයෙන් 11,000ක් රෝහල්ගතවෙනවා අනතුරු නිසා.
ප්‍රධන වශයෙන් මාරන්තික අනතුරු සිදුවන්නේ මර්ගවලයි. මාර්ග අනතුරු නිසා වසරකට 3000ක් පමණ මිය යනව.වයස් සීමාව ගත් විට අවුරුදු 15-44ත් අතර කණ්ඩායම.තරුණ පිරිස් අනතුරු නිසා මිය යෑම ප්‍රශ්නයක්. දිනකට 27ක් විවිධ අනතුරු නිසා මිය යනව.මෙම අනතුරු නිසා විශාල මුදලක් ප්‍රතිකාර සඳහ වැය වෙනවා.රිය අනතුරු නිසා දිනකට 7-8 පමණ මිය යනවා. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය 18 දින සිට ක්‍රියාත්මක අනතුරු නිවාරණ සතියක් ආරම්භ කළා යැයි ද වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා පැවසී ය.
අනතුරු නිවාරණය සඳහා කටයුතු කරන සියලු පර්ශවයන්ගේ සහභගීත්වයෙන් සංවිධානය කරන දෙවන ජාතික අනතුරු නිවාරණ සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.