වියළි කාලගුණ තත්වය හේතුවෙන් ජල හිගයට මුහුණ පා ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 24 කට ආයත් ග්‍රාම නිලධාරි වසම් 492 ක පවුල් 70454 කට මේ වන විට ආපදා කළමණාකරණ අමාත්‍යාංශය හරහා පානීය ජලය බෙදා දෙන බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතා ප්‍රකාශ කරයි.
පළත් පාලන ආයතන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයාගේ අත්සන යෙදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නිම කරන ලෙස කතානායක කරූ ජයසූරිය මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇතැයි කතානායක කාර්යාලය පවසයි.
ඩෙංගු රෝගය සඳහා එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දක්වන විමසිලිමත්භාවය සම්බන්ධයෙන් සතුටට පත්වන බවත් ඒ පිළිබඳව විද්‍යූණුකූලව සිතාබලා තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගැනීමට කටයුතු කිරීම පැසැසුමට ලක් විය යුතු බව ඩෙංගු රෝගය සම්බන්ධ ගෝලීය මට්ටමේ මහාචාර්යවරයකු වන Scott B Halstead මහතා පවසයි.
සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා විධිමත් වැඩපිළිවෙලක් වත්මන් රජය ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.