පෙබරවාරි 09, 2025
tami eng youtube  twitter facebook
    Prabhath Rathnayaka

    Prabhath Rathnayaka

    ස්වභාවික ආපාදා අවස්ථාවලින් ආරක්ෂාවීමට සුරක්ෂිත මධ්‍යස්ථාන තුනකට මුල්ගල තැබීම ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) පැවැත්විණි.

    151 වැනි පොලිස් දිනයට සමගාමීව පවත්ව ''පොලිස් නෙත'' ඡයාරූප ප්‍රදර්ශනය අද (2) කොළඹ 05,බම්බලපිටිය, පොලිස් පවුල් සුබසාධක සංගම් ශාලාවේ දී පවැත්වීමට නියමිතය.

    බංගදෙනිය, හෙයියාගම, ගෝනගම, ගස්සන්දළුපොත, කඹරව, දෙහිඅත්තකණ්ඩිය සහ කපුරැල්ල යන ප්‍රදේශවලට  අද දින (02) දහවල් 12.10ට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

     

    2017 ඉන්දීය සාගර සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනට පැමිණි ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය Iwao Horii මහතා   (01) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

    ජපානය සැබෑ මිත‍්‍රයෙකු ලෙස ශී‍්‍ර ලංකාවේ සංවර්ධනය උදෙසා ලබාදෙන දායකත්වය මෙහිදී අගය කළ ජනාධිපතිතුමා වෙනත් අරමුණුවලින් තොරව අවංක මිතුරෙකු ලෙස ලබාදෙන එම හෘදයාංගම සහය පිළිබඳ සිය කෘතවේදීත්වය පළ කළේය.

    සාමය සහ සංහිඳියාව උදාකර ගැනීමට මෙන්ම සංවර්ධනය සඳහා ශී‍්‍ර ලංකා රජයේ කැපවීම අගය කළ ජපාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාවට ලබාදෙන ජයිකා ආධාර තවදුරටත් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට කැපවන බව ද ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම නුදුරු දිනකදීම නැවතත් ජපානයේ සංචාරයක නිරතවන ලෙස ද මෙහිදී ජපන් නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිතුමා වෙත ඇරයුම් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya