මධ්‍යම පරිසර අධිකාරිය විසින් මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍ය පරිසර නියමුවන් 250ක් සමඟ පරිසර නියමු ක්‍රියාකාරීන් විශාල පිරිසක්ගේ සහභිගීත්වයෙන් නුවරඑළිය, පතන ප්‍රදේශයේ පිහිටි ශ්‍රීපාද ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයේදීය සාර්තකව ආරම්භ විනි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගය සඳහා ඉරිපත්වීමට නොහැකි වූ අපේක්‍ෂකයින් සඳහා විකල්ප දිනයක් ලබාදීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප‍්‍රබල සාමාජිකයෙකු වූ බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සංජය හෙට්ටිගේ මහතා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළට සහය පළ කරමින් (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමු විය.
මියන්මාරයේ සිට වැඩමකරවන ලද කිරිගරුඬ සමාධි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වෙත ප‍්‍රථම පුෂ්පෝපහාරය පැවැත්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් (25) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.