“පුරවැසි අත්වැල” සහ “ග‍්‍රාම ශක්තී” ජාතික වැඩසටහන් රට දිනවීම සඳහා ගෙනයන පුළුල් වැඩපිළිවෙළක් බව ජනාධිපතිතුමා පවසයි.
ජාතියේ මහා ගාන්ධර්ව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් ඉදිවන අමරදේව අසපුවට මුල්ගල තැබීමේ මහෝත්සවය අද (28) පෙ,ව 10.00ට බත්තරමුල්ල,''අපේගම'' පරිශ්‍රයේ දී පැවැත්වෙයි.
“පුරවැසි අත්වැල” සහ “ග‍්‍රාම ශක්තී” ජාතික වැඩසටහන් රට දිනවීම සඳහා ගෙනයන පුළුල් වැඩපිළිවෙළක් බව ජනාධිපතිතුමා පවසයි.
නව නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා, නාවික හමුදාධිපති ධූරයේ වැඩභාර ගැනීමෙන් පසු මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳපුදා ගත් අතර, අනතුරුව මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිවරයාගේ බිරිඳ, තිරුනි සින්නයියා මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
මල්වතු හා අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැකීමට ප්‍රථම නාවික හමුදාධිපතිතුමන් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා හමුවූ අතර, එහිදී ඔවුන් සුහද පිළිසඳරක ද නිරත විය.
කොරීයානු ජාතික ධීවර මහා සම්මේලනය මගින් ලබාදුන් ශිෂ්‍යත්වය අනුව ධීවර ක්ෂේත්‍රය පිළිබද පශ්චාත් උපාධි පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබූ පළමු සිසුවා වන ඉසුරු උමන්ද ද සිල්වා ලබන ඉරිදා (27 ) කොරියාව බලා පිටත්ව යාමට නියමිතය.