රජයක් ලෙස අපි ප්‍රාග්ධනය ආයෝජනය කරන්නේ වැදගත් දේවල් සඳහා පමණයි. අපේ අරමුණ නාස්තිය නොව රටේ සුභසිද්ධියයි. වල් අලි වාසය කරන ප්‍රදේශයක කෝටි 320 ක වියදමින් සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට්
ක්‍රීඩාංගනය ඉදිකිරීම වැනි නොවැදගත් ආයෝජන අප සිදු කරන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මේ ආණ්ඩුව හොරුන් ආරක්‍ෂා කරන්නේ නැහැ. ඕනෑම කරුණක් හෙළිවුණොත් ඒ වාර්තා අනුව ඒ ගැන සොයා බලා කටයුතු කරනවා. එක්සත් ජාතික පක්‍ෂය හොරුන්ගේ පක්‍ෂයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
හැටන්, ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය, හැටන් මුස්ලිම් ජුම්මා මස්ජිද් දේවස්ථානය, හැටන් හින්දු කෝවිලේ පැවැති ආගමික වාතාවත්වලට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.
දැයේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්ම ග‍්‍රාමීය ජනතාව සිය දෛනික ජීවිතයේ මුහුණදී සිටින ගැටළු සඳහා විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා වත්මන් රජය ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.