කළපු සංවර්ධන අධිකාරියක් පිහිටුවමින් රටේ සියලු කළපු සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් එමඟින් මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නංවාලීමට හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
විනිවිදභාවයෙන් රජය කටයුතු කරන බවත් විදේශ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට කතානායකවරයාට හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
නැගෙනහිර, ඌව, උතුරු සහ උතුරුමැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම්සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අධිවේගී මාර්ගවල ධාවනය වන ගිලන් රථ සදහා මුදල් අය කිරීමකින් තොරව ගමන් කිරීමේ අවස්ථාව ලබාදීමේ යෝජනාවක් සහිත අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.