අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා ස්වාධීන කොමිෂන් සභා යථාර්ථයක් කිරීමට පරිනත දේශපාලන කාර්යභාරයක් සිදු කළ බව කතානායක කරූ ජයසූරිය මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
මදිපුංචිකම් නොකරන දේශපාලන විසඳුම පාර්ලිමේන්තුව තුළින් ලබාගමු. ආර්ථික සංවර්ධන වේගය වැඩි කර ආර්ථික සංවර්ධනයක් ලබාගෙන සීග්‍රයෙන් ගමන් කරමු යැයි තම හළිස්වසරක දේශපාලන දිවිය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සැමට ස්තූති කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස්වසරක දේශපාලන දිවියට සෙත් පතා බෝධි පූජා පිංකමක් අද (4) පෙරවරුවේ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
කිසිම විවාදයකින් තොරව අපේ වර්තමාන දේශපාලනයේ සිටින බුද්ධිමත්ම නායකයා ලෙස හඳුන්වා දීමට හැකි බව නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.