බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත ඉදිරි දිනක පාර්ලිමේන්තුවට ගෙන එන බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (06) පාර්ලිමේන්තුවේ දීපැවසී ය.
මත්ස්‍ය අස්වැන්න අඩුවීම කෙටි කාලීන වුවත් දීර්ග කාලීනව මත්ස්‍ය සම්පත ආරක්ෂා කරගනිමින් ධීවරයන් ආරක්ෂා කරගැනීමට සියලු තහනම් පන්න ක්‍රම එකි නෙක නතර කරමින් සිටින බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලිරාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.
ධීවර හා ජලජ සම්පත් (සංශෝධන ) පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ජල පවිත්‍රාගාර මඟින් පිරිසිදු කෙරෙන ජලය පරිභෝජනයාට සුදුසු ජලය බවට සහතික කළ හැකි බව නගර සැලසුම් හා ජාල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.