සෞඛ්‍යයට අහිතකර පානීය ජල බෝතල් කිරීම් පිළිබඳව පැමිණිලි කළහොත් ඒ සඳහා පියවර ගැනීමට කටයුතු කරනබව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ජනවාරි 08 න්‍යාය පත්‍රය අලුත් කරනවා. පාර්ලිමේන්තුවෙත්, මහපාරෙත් සටනක් තිබෙනවා.කවුරු පාවා දුන්නත් ඒ විප්ලවයේ කොඩිය අපි අරන් යනවා. නියම පුරවැසි ජනරජයක් හදන සටන පටන් ගත්තා පමණයි යැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසයි.
සීනි කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන තිබෙන බවත් මොණරගල බදුල්ල අම්පාර මඩකළපුව ත්‍රිකුණාමලය හා කිළිනොච්චි යන දිස්ත්‍රික්කවල නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කසළ නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමේ වගකීමෙන් කිසිවිටෙක රජය බැහැර වන්නේ නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.