ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන ) පනත් කෙටුම්පත අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
කිසිදු ආකාරයෙන් වෙහෙර විහාරස්ථානවල ස්වාධීනත්වයට මැදිහත් වෙන්නේ නෑ. වෙහෙර විහාරස්ථානවල ආදායම් පාලනය කරන බවට ජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධයෙන් කණගාටු වෙනවා යැයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
බැහැර කරන කසළ සමඟ මිනිස් ශරීර අවයව බැහැර වන බවට කිසිදු සාක්ෂියක් නැතැයි පළත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසල් මුස්තාෆා මහතා පවසයි.
2011 ජනවාරි සිට 2015 ජනවාරි දක්වා කාලය තුළ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ සිදු වී ඇති වංචා,දූෂණ සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමත්‍ය ඉන්දික බණ්ඩාරනයක මහතා පවසයි.