ප්‍රාග් ඓතිහාසික වටිනාකමකින් යුත් පාහියන්ගල පුරාවිද්‍යා ස්ථානය සම්බන්ධයෙන් බහු විෂය වාර්තාවක් ලබාගැනීමට පියවර ගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසී ය.
ඖෂධ හිඟයක් නොමැති බවත් ඩෙංගු රෝගීන්ට ලබාදෙන ඩෙක්ස්ට්‍රෑන් ඖෂධ සම්බන්ධයෙන් පවතින ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වන ව්‍යවස්ථාව අනුව ශේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද "ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ( විශේෂ විධිවිධාන )'' නැමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද (06) කතානායක කරුජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
අයහපත් වර්ෂාව හේතුවෙන් විපතටපත්ව, ජීවිත අහිමිව, දහස් ගණනාවක් ජනතාව විපතට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සංවේගය පළ කරන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.