රටේ උරුමය අනාරක්ෂිත වීමට ඉඩ නොතබන බවත් විවිධ පුද්ගලයන් තමන්ට අභිමත පරිදි ලෝක උරුමයන් සමඟ අන්තනෝමතික ලෙස සෙල්ලම් කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර ඇති බව අද වන විට ප්‍රත්‍යක්ෂ වී තිබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරී තනතුරු සඳහා වහාම බඳවා ගැනීම් සිදු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
වසර 2020 වනවිට දුම්කොළ වගව තහනම් කිරීමට කටයුතු කරන බවත් දුම්කොළ වගාකරන ගොවීන්ට විකල්ප බෝග වගා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.