මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදහමේ සමතුලිත බව ගිළිහෙමින් සමස්ත පැවැත්ම බරපතල අර්බුදයක් බවට පත්කොට ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5) යෙදී තිබෙන ජගත් පරිසර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කරගත් ශ්‍රී ලංකා පොලිසියේ සමාජ සත්කාරක වැඩසටහන සදහා ලැබී තිබූ ආධාර ද්‍රව්‍ය මාතර දිස්ත්‍රික්කයේ මොරවක සහ පිටබැද්දර ජනතාව වෙත බෙදාදීම ඊයේ (02) දින නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
හදිසි ආපදා තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ගේ මානසික තත්වය ඉහළ නැංවීම සඳහා විශේෂ මනෝඋපදේශන වැඩසටහනක් ආරම්භ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.