ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වුන්ජින් ජියෝන් මහතා ඇතුළු දකුණු කොරියාවේ බුසාන් මෙට්‍රොපොලිටන් නගර සභාවේ සාමාජිකයන් දහතුන් දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පසුගියදා (17) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර ( ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) )සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබාදීමට රජය තීරණය කර තිබේ.
අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය අද (23 වැනි බ්‍රහස්පතින්දා ) විවාදයට ගැනීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (21) පස්වරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
සීතාවක ඔඩිසි දුම්රිය මේ මස 26 දා සිට ගමන් අරඹන බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා අද (22) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ප්‍රකාශ කළේය.