ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ අධීක්ෂණය යාටහේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි ගංවතුරින් අවතැන්වූ ජනතාව වෙත පිසූ ආහාර සැකසීම හා සළාක බෙදාහැරීම සිදු කෙරේ.
මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර දෙසින් පැවති පීඩන අවපාතයසුළි කුණාටුවක් (MORA) බවට පත්වී එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) නිවේදනය කරයි.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා දින දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.
ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා චීනය යුවාන් මිලියන 15ක වටිනාකම ඇති මානුෂවාදී සහනාධාර භාණ්ඩ පරිත්‍යාග කරන බව චීන රජය පවසයි. විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය කූඩාරම්, පොරවන ඇතුළු භාණ්ඩ ඒ අතරට අයත්වේ. එම භාණ්ඩ තොගය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට චීන රජය පියවර ගෙන ඇත.