පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දැනට ක්‍රියාත්මක නාය යෑම් අනතුරු ඇගවීම ඉදිරි පැය 24 දක්වා ද ක්‍රියාත්මකව පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ (නාය යෑම් හා අවධානම් පර්යේෂණ )ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ ගංවතුර නාය යෑම්වලින් විපතට පත් ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දීය රජය විසින් එවන ලද සහනාධාර රැගත් තවත් නැව් දෙකක් කොළඹ වරාය බලා යත්‍රා කරමින් තිබේ.
තද වැසි තත්ත්වයේ තාවකාලිකව අඩු වීමක් දක්නට ලැබුනද නැවතත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් මැයි මස 29 දින සිට අපෙක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
තද වැසි තත්ත්වයේ තාවකාලිකව අඩු වීමක් දක්නට ලැබුනද නැවතත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් මැයි මස 29 දින සිට අපෙක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.