වෙනත් කිසිදු පුද්ගලික ආයතනයකට සතොස ආයතනය කිසිවිටෙකත් නොවිකුණන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් ජලගැලීමෙන් ආපදවට පත් වූ ප්‍රදේශවලට අමතර පොලිස් නිලධාරී කණ්ඩායම් යොදවා ඇතැයි පොලීසිය පවසයි.
දිස්ත්‍රික්ක හතක ආපදා තත්ත්වය පවතින බවත් (26) සවස්වන විට වර්ෂාව අඩුවී තිබුණ ද රාත්‍රී කාලයේ තද වැසි නැවත ඇතිවුවහොත් කැලණි ගඟ ආශ්‍රිතව කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි 2016 වර්ෂයේ දී ඇතිවූවාට වඩා වැඩි ගංවතුර තත්ත්වයක් හටගත හැකි බව ද රජය නිවේදනය කරයි.
දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථිකය ගොඩනැගීමත් ඔවුන්ට අප්‍රමාදව ආධාර කර දුප්පත් ජනතාව ගොඩගැනීම සමෘද්ධි ව්‍යාපාරයේ ඉලක්කය බව සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.