පරිසර සංරක්‍ෂණය සහ ජාතික සංහිදියාව පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ආර්ථික ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරලීමට ජපානය සූදානම් බව ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය හිරොෂිගෙ සෙකො (Hon. Hiroshige Seko) මහතා පැවසීය.
ආකල්ප වෙනස් වන තුරු රටක සංවර්ධනය කරා ලගා නොවිය හැකි බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසයි. කෑගල්ල දිස්ත්‍රික් මහජන රැකියා සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කරගනිමින්, නිවැරදි සංවර්ධන මාවතකට පිවිස කෙටි කලක් තුළ ලැබූ ප්‍රගතිය පිලිබඳව තමන් ප්‍රසාදය පළ කරන බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (ජයිකා) සභාපති ෂිනිචි කිතඕකා (Mr. Shinichi Kitaoka) මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවේ පැවසීය.
දකුණු ආසියානු හා බෙංගාල බොක්ක කලාපීය රටවල ජනගහනය ඉදිරි වසර 20 ක කාලය ඇතුළත මිලියන 250 දක්වා ඉහළ නැංවෙන බැවින්, ඒ ජනගහන පදනම ඉලක්ක කර ගනිමින්, සිය අනාගත ආයෝජන හා නිෂ්පාදන සැලසුම් සැකසීම ජපාන රජය පමණක් නොව, ජපාන පුද්ගලික ව්‍යවසායකයන් මත පැවරෙන වගකීමක් බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා පැවසීය.