වකුගඩු රෝගය බහුල වශයෙන් පැතිරෙන උතුරු මැද පළාතේ කැබැතිගොල්ලෑව සහ පදවිය මූලික රෝහල් ආශ්‍රීතව ඉදිකළ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකක සහ ප්‍රතිකාර ඒකක සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් පසුගියදා ජනතා අයිතියට පත් කරන ලදි.
සවුදි සංවර්ධන අරමුදල(SED), අරාබි සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ දේශපාලන නිදහස හා ජනතා පරමාධිපත්‍යය බරපතළ පරිහානියකට ලක් වූ 2005 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා වන වසර දහයක කාලය තුළදී අසාධාරණයට ලක්වූ මාධ්‍යවේදීන්ට සහන සැලසීමට කටයුතු කිරීම යහපාලන රජයේ ප්‍රධාන පොරොන්දුවක් විය.