රටේ අනාගත පරපුර මත් උවදුරින් ගලවා ගනිමින් නිරෝගීමත් සහ සෞඛ්‍ය සම්පන්න ජනතාවක් ගොඩනැගීමට රජය ආරම්භ කළ මතින් නිදහස් රටක් වැඩසටහන අද සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බව ජනාධිපතිතුමා පැවසීය.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ පවතින වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් සහ ලෙස්ටර්-සුමිත්‍රා යුවළ දේශීය සිනමාවට සිදුකළ අද්විතීය මෙහෙවර අගය කරමින් මූල්‍ය පරිත්‍යාගයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකෙරුණි.
අප්‍රේල් මස 16 දින සිට 22 දින දක්වා ජර්මනියේ ස්ටුට්ගාඩ් හි පැවැත්වෙන 24 වන අන්තර් ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා තම විද්‍යාත්මක පර්යේෂණ ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබූ සිසුන් දෙදෙනාට ගුවන් ටිකට්පත් ප්රදානය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණි.