ජපාන නිල සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන රජය අතර නිල සාකච්ඡා අද (11) ආරම්භ වීමය නියමිතය.
ලාංකීය ගොවියා සිය කෙත්බිමෙන් නෙළාගත් අස්වැන්නේ අග්‍ර කොටස ත්‍රිවිධ රත්නයට පූජාකිරීමේ ඉපැරණි චාරිත්‍රයක් වන අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ගල්විහාර පුදබිමේදී (10) පෙරවරුවේ පැවැත්විණි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයේ සීග්‍ර සංවර්ධනයක් ඇති කිරීමේ අරමුණින් වඩාත් ඵලදායී හා පුළුල් සේවාවන් රැසක් කර්මාන්ත හිමියන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.
බෙන්තර ගංතෙර අසබඩ ගල්තලාව මත සමාධි මුද්‍රාවෙන් ඉදිකෙරෙන බුද්ධ ප්‍රතිමාවහන්සේගේ ඉදිකිරීම් කටයුතු සොයාබැලීම පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පසුගියදා සිදුකළේ ය.