ජතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝගයක් විවාදය සඳහා (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ජතික ආර්ථිකයේ සාර්ථකත්වයක් ඇති වුණොත් රට සීග්‍ර සැබෑ සංවර්ධනයකට යොමු වෙනවා.ජාතික ආර්ථිකය සමඟ සෙල්ලම් නොකර එකට වැඩකරලා,අලුත් ශ්‍රී ලංකාවක් බිහිකරන්න සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කරමු යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.
මැයි දින සැමරුමට සහභාගීවන සියලු පක්ෂවලට මැයි දිනයේ දී සියලු අධිවේගී මාර්ගවල නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සළසා දෙන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
''සයිටම් ''ආයතනය සම්බන්ධයෙන් වන රජයේ යෝජනාවලිය අද (07) දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මාහාමාර්ග අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (07) පාර්ලිමේන්තුවට දන්වා සිටියේ ය.