නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදේශගතවීමට අදාළව සිදු කරනු ලැබූ විමර්ශන ගණන 544ක් බවත් විමර්ශන 246ක කටයුතු නිමා කර තිබෙන බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සගල රත්නායක මහතා ප්‍රකාශ කරයි.
අධිකරණ විනිසුරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ගෙනා යෝජනාව ගෙන එමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද වැටුප් වැඩිකරගැනීමක් සිදුකරගැනීමට යන බවට ඇතැම් මාධ්‍ය කර තිබෙන වාර්තා කිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අපහසුතාවයට පත් කළ කිරීමක් බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය.
ජ්‍යේෂ්ඨත්වයත් පදනම් කරගමින් අධිකරණ විනිසුරුවන්ගේ කැපවීම හා දක්ෂතාවය මත ප්‍රමුඛතාවය දැක්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් උසස්වීම් ලබාදීමේ දී දක්ෂතාවයෙන් වැඩකරන විනිසුරුවරුන්ට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් හඳුනවාදීමට බලාපොරොත්තු වන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම පිළිබඳව මූලික කෙටුම්පතක් සකස් කර නොමැති බවත් හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් මේ පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් මේ සම්බන්ධයෙන් එකඟවීමෙන් පසුව ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.