කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විසින් දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහල නැංවීම, හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේදී හෙරොයින් යැයි සැක කෙරෙන මත්කුඩු කිලෝග්‍රෑම් 13.5 ක් සමග ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (2) උදෑසන නාවික හමුදාව සමත් විය. අත්අඩංගුවට ගත් මත් කුඩු තොගයේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වේ.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනය කර ඇති ඖෂධ වර්ග 53 ක් මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය තෙක් කල් ඉකුත්වන බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම සංස්ථාවේකළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම්. රූමි මහතා පවසයි.
රුධිර පාරවිලයන සේවාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමෙි අරමුණින් දිවයින පුරා ස්ථාපිත කළ රුධිර පාරවිලයන මධ්‍යස්ථාන 19 න්, 07 වන මධ්‍යස්ථාන සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවෙි වවුනියාව දිස්ත්‍රීක් මහ රෝහලේ දී විවෘත කෙරිනි.