පානදුර, සුමංගල විද්‍යාලයේ රුපියල් ලක්ෂ 12 ක වියදමින් ඉදිකළ ළමා පිහිණුම් තටාකය අද දින (16) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් විවෘත කරන ලදි.
පළාත් පාලන මැතිවරණ කොට්ඨාශ සීමා නීරණ කමිටු වාර්තාව රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා හෙට (17) රජයේ මුද්‍රණාලයට බාරදෙන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා news.lk වෙත පැවසීය.
දිවයින හරහා විටින්විට හමන (පැ.කි.මී 40-50 පමණ) තරමක් තද සුළං සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල හමන (පැ.කි.මී 60 පමණ) තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ නොවන බවත් සයිටම් දෙස දේශපාලනිකව නොබලන බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.