කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සදහා වන ජාතික ප්‍රතිපත්තියට අනුව දිස්ත්‍රික් ව්‍යවසායකත්ව කමිටු පිහිටුවීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් උදාකර හා කුඩ ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂක සුධීර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
සුනාමි ව්‍යසනයෙන් පසු තංගල්ල රෝහල සංවර්ධනය කිරීමටත් , රෝහලට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සියල්ල ලබා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගනු ලැබිය.
තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්ව කුසලතා සංවර්ධනය කර ඔවුන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හිතකර පරිසරයක් ඇතිකර දීමටත් ඒ සඳහා තාක්ෂණය, මූල්‍ය සම්පත්, වෙළඳපොල හා නව දැනුම ලබාදීම තුළින් නව ව්‍යාපාර 25000 ක් බිහි කිරීමේ ප්‍රමුඛ අරමුණින් ආරම්භ කරන ලද ‘ස්වශක්ති‘ - රැකියා දස ලක්ෂයක් කරා ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් ව්‍යවසායකත්ව සංවර්ධන මෙහෙයුම් කමිටුව පසුගිය දා මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණි ජයසේකර ශ්‍රවණාගාරයේ දීපැවැත්විණි.
හාල් සඳහා නව උපරිම සිල්ලර මිලක් ප්‍රකාශ කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පවසයි.