විසර්ජන පනත් කෙටුම්පත - 2017 විවාදයේ දහහතරවැනි වෙන් කළ දිනය අදට (28) යෙදී තිබේ.
2017 වසරේ උදා ගම්මාන 400ක් ආරම්භ කර අවසන් කිරීමට කටයුතු කිරීමේ ඉලක්කය බවත් වසර 2015-2016 මේ දක්වා කාලය තුළ නිවාස එක්ලක්ෂ හැට හත්දහස් හාරසිය හැට හයක් ඉදිකිරීම් ආරම්භ කර තිබෙන බවද නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය සේවයේ ඵලදායිතාව වැඩි කරන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප ශක්තිමත් කරනවා. රජයේ සේවකයන්වෙනුවෙන් කොළඹ, ගම්පහ,මොණරාගල දිස්ත්‍රික්කවල නිල නිවාස ආරම්භ කරන්න කටයුතු කරනවා ''යැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ප්‍රාදේශීය මට්ටමින් නිවසටම ගොස් ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වන බවත් ප්‍රාදේශීය පරිපාලනය ශක්තිමත් කිරීමට අවධානය යොමු කර ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.