රටේ සංවර්ධන කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ දී ඉඩම් හිමියන් වෙත සාධාරණ වන්දියක් ලබාදීමට පියවර ගන්නා බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතුසහ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.
තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරීම,ඇට මිදුලු බද්ධ කිරීම ඇතුළු ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඉදිකෙරෙන දෙවන මධ්‍යස්ථානය මහනුවර රෝහල ආශ්‍රිතව දැනටමත් ඉදිකෙරෙන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශ කළේය.
පානීය ජල හිඟයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ ජල අවශ්‍යතා වෙනුවෙන් දිස්ත්‍රික්ක 16ක් සඳහා රුපියල් ලක්ෂ 181 මුදලක් නිදහස් කර තිබෙන බවත් ජල කළමනාකරණය ප්‍රතිපත්තියක් ලෙස ගෙන ඒමේ අවශ්‍යතාවය පෙන්වා දී තිබෙන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රකාශ කරයි.
රටක ආර්ථිකය දියුණු වී තිබෙන්නේ වෙළඳපොළ විවෘත කිරීමෙන් බවත් අනාගතයේ දී රටේ අපනයනය වැඩි කිරීමට කටයුතු කරන බවත් විශාල ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහන රැසක් ලබාදී තිබෙන බවත් ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.