පැරිස් ගිවිසුම අපරානුමත කිරීමෙන් ගෝලීය උණුසුම පාලනය කිරීමට සහාය පලකරනවා මෙන් ම දේශීය වශයෙන් විශාල සංවර්ධනයක් කරා යැමට හැකියාව ලැබෙන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.
පැරිස් ගිවිසුම අපරානුමත කිරීම, ගෝලීය දේශගුණික කථිකාවක් ගොඩනැඟීම සඳහා වන නව ප්‍රවේශයක් බවත් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අවශ්‍ය වූ ගෝලීය උත්සහායට දායකවීම මඟින් ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධන මාවතක ප්‍රධාන තැනක් ගන්නා බවත් ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
කම්කරු නිලධාරීන්ගේ ගැටලු නිරාකරණය කිරීමට තවදුරටත් සුබවාදීව සාකච්ඡා පවත්වා ගැටළුව නිරාකරණය කිරීමට කටයුතු කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කරයි.
දැනටමත් සිනමා පාසලක් පිහිටුවීම ගැන අවධානය යොමු කර ඇති බවත් සිනමා ශාලා ඩිජිටල්කරණය කිරීම පිළිබඳව ප්‍රමුඛ අවධානයක් යොමු කර තිබෙන බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.