මෙතෙක් නිසි පිළියමක් ලබා දිය නොහැකි වූ විරැකියා ප්‍රශ්නයට පැහැදිළි විසදුම් සපයමින් ශ්‍රම වෙළඳ පොළ ඉලක්කගත ශ්‍රමිකයන් බිහිකරමින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.
‘පුර නැගුම’ ව්‍යාපෘතිය යටතේ අලුතින් ඉදිකළ ගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය - දිවිතුර ප්‍රාදේශීය සභා බහු කාර්ය ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කෙරිණි.
සිය රාජකාරී ඉටුකර ගැනීම සඳහා දුෂ්කර ප‍්‍රදේශවලින් පැමිණෙන ජනතාවට උපරිම සේවාවන් සපයන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිතසේනාරත්න මහතා සෞඛ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
බරවා රෝගය තුරන් කිරීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය, බරවා මර්දන ව්‍යාපාරය විසින් ක්‍රියාත්මක කරන ගාල්ල දිස්ත්‍රික් විශේෂ බරවා ප්‍රතිකාර වැඩසටහන අද (03) හෙට(04) දෙදින ගාල්ල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 11ක් ආවරණය වන ලෙස ක්‍රියාත්මක කෙරේ.