අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන්නයි. බලය තවත් විමධ්‍යගත කරන්නයි, ජනතාව එකතු කරගන්නයි. අපිට පාර්ලිමේන්තුවේ කාලසීමාව දීර්ග කර ගන්න කිසිදු යෝජනාවක් නෑ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
කිසිදු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් මර්දනය කිරීමට කිසිදු වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර නැතැයි උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ,සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකාවට සුදුසු බලශක්ති මූලාශ්‍ර පිළිබඳව සිදු කෙරෙන අධ්‍යයනය අවසන් වූ වහාම 2016 සිට 2036 දක්වා දීර්ගකාලීන බලශක්ති ජනන සැළසුම එළිදැක්වීමට රජය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
දෙමළ කතා කරන තරුණ තරුණියන්ට ත්‍රිවිධ හමුදාවන්ට පොලීසියට හා අනෙක් දෙපාර්තමේන්තු ආදියෙහි සේවයට බැඳීමට කිසඳු අවහිරයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.