කලාකරු සුබසාධනය,කලාවේ උන්නතිය උදෙසා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බව අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසයි.
මේ යුගයේ කලාව මුහුණ පා තිබෙන අර්බුදය වන්නේ කලාව ඇතුළෙන් ම ප්‍රතිකලාවක් බිහිවීම බවත් මේ පිළිබඳ පළල් සංවාදයක් සහිතව වැඩකටයුතු කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජනමාධ්‍ය නියාමන කොමිෂමක් බිහිකරන්න බලාපොරොත්තු වන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය කිසිවිටෙක පෞද්ගලිකකරණය සිදු නොකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ශ්‍රී ලාංකේය ඡායාරූපශිල්පීන් වෙනුවෙන් සම්පාදනය කර තිබෙන ආචාර ධර්ම සංග්‍රහය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු විය.