රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කෙරෙහි වැරදි තත්ත්වයක් සමාජ ගත කිරීම කිසිසේත් සුදුසු නොවන බවත් ඉදිරියේ දී විගණකාධිපතිවරයා සමඟ තමන් සාකච්ඡා කිරීමට කැමැති බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
රාජ්‍ය ණය පිළිබඳව පරස්පරතා ඇතිවුණේ කෙසේදැයි සොයා බලන බවත් රජය විසර්ජන පනතින් අනුමත ණය සීමාව ඉක්මවා ණය ලබා ගෙන නොමැති බවත් සොයාබැලීමේ වගකීම පාර්ලිමේන්තු මුදල් කමිටුවට තිබෙන බවත් එය සොයා බලා පාර්ලිමේන්තුවට වර්තාවක් ලබාදිය යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත
ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ මෙහෙයුම් ප්‍රතිපත්ති
ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව විවාදය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
මහතා විසින් පාර්ලිමේන්තුවේ විවාදය සඳහා ඉදිරිපත් කළේ ය.
අග්‍රාමාත්‍යවරයා විවාදය ආරම්භ කරමින් අඳහස් දැක්වීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව- ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී
ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ආ (5) (අ ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව
මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන
අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද,
ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත
ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති
අනුමත කළ යුතුය. යන යෝජනාව අද දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම,පරිපාලනය කිරීම, සහ කර්තව්‍ය ඉටු කිරීම සඳහා විධිවිධාන සැළැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතක් අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.