අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
තුර්කියේ සිදු වූ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශ වලින් ශ්‍රී ලාංකිකයින් 14 දෙනකු එම ප්‍රදේශ වල සිටින බවට වාර්තා වී තිබෙන බවත්, ඉන් 13 දෙනකුට ගැටලුවක් නොමැති බවත්, නමුත් එක් කාන්තාවක් පිළිබඳව තොරතුරු සොයමින් තිබෙන බවත් තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය ප්‍රකාශ කරයි.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයට අදාළ සියලුම කොන්ත්‍රාත්කරුවන්ට මෙම මාසයේ දී (පෙබරවාරි) ගෙවිය යුතු මුදලින් 40% ක් සම්පුර්ණයෙන් ගෙවන අතර 30%ක් ලබන මාසයේ දී ද (මාර්තු), ඉතිරි 30% සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කිරීමට සියලු පාර්ශ්ව සමඟ එක්ව ක්‍රමානුකුලව ගිණුම් කටයුතු සිදු කරමින් පවතින බවත් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ස්වභාවික ව්‍යසනයක් හේතුවෙන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින තුර්කියට සහ සිරියාවට ලංකා ආණ්ඩුවේත් සියලුම ශ්‍රී ලාංකික ජනතාවගේත් කණගාටුව ප්‍රකාශ කරන බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි .