ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.
හිටපු කථානායකවරයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු වන කරු ජයසූරිය මහතා “ශ්‍රී ලංකාභිමාන්‍ය”ගෞරව සම්මානයෙන් පිදුම් ලැබීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සඳහන් කරයි.
පසුගිය වසර වලට සාපේක්ෂව ඉතිහාසයේ වැඩිම ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාවක් විදෙස් රැකියාවලට යැවීමට හැකි වූ බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.