රුමේනියා රටේ රැකියා ලබාදෙන බව පවසමින් කාර්යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ ඉතාලි ජාතිකයෙකු ඇතුළු ලාංකිකයින් තිදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් 2022.11.20 දින අත්අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, ගරු අධිකරණය මගින් නඩු විභාගය සඳහා දෙන ලද නියමය අනුව, 2023.01.30 දිනට නඩුව කල් තබනු ලැබූ අතර, 2023.01.30 දින අධිකරණය වෙත ඉදිරිපත් කළ අදාල සැකකරුවන් සිව්දෙනා සඳහා දඩුවම් නියමය ලබාදෙන ලදී.
2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා වෙළඳ භාණ්ඩ අපනයනය , 2021 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 4.6% කින් වැඩි වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.