පාවහන් හා සම්භාණ්ඩ ප්‍රදර්ශනය පෙබරවාරි මස 3වැනි දින සිට 5වැනි දින දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇත.
2023 විස්සයි-20 කාන්තා ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ(02) පස්වරුවේ දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියා. ඒ ක්‍රිකට් ආයතනයේ පැවති ආගමික වතාවත් වලින් අනතුරුවයි.
ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ මිනිස් බල සංවර්ධන හා පුහුණු කිරීම් අංශය මගින් විදේශ රැකියා අපේක්ෂිත ජලනල කාර්මික ශිල්පීන් සදහා HDPE නල එලීම් පිළිබද දෙදින පුහුණු වැඩමුළුවක් පසුගියදා ආරම්භ විය.