75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධාන කෙරෙන විශේෂ සංස්කෘතික කලා මංගල්‍යය “ලංකාරලංකා” අද (03) ප.ව 7.30ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දි පැවැත්වීමට නියමිතය.
75 වන නිදහස් දින උළෙලට සමගාමීව පැවැත්වෙන බෞද්ධ ආගමික වතාවත් ඊයේ (02) සන්ධ්‍යාවේ ශ්‍රී දළදා මන්දිරයේ දී සිදු කළ අතර, පරිත්‍රාණ ධර්ම දේශනය වික්ටෝරියා වේල්ල ඉස්මත්තේ දී අද පහන් වන තුරු පැවැත් විය. උදෑසන හීල් දානමය පිංකම අද උදෑසන පැවැත් වේ.
ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සඳහා උපදේශිකාවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කර තිබේ.
ස්වීඩනයේ ServeNow Sri Lanka සංවිධානය මගින් බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල වෙත රු. මිලියන 213 ක වටිනාකමින් යුත් නවීන තාක්ෂණික පහසුකම් වලින් යුත් ඇඳන් ඇතුළු නවීන වෛද්‍ය තාක්ෂණික උපකරණ රැසක් පරිත්‍යාග කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා සහ ස්වීඩනයේ ServeNow Sri Lanka සංවිධානයේ අධ්‍යක්ෂිකා ජේ. විතානගේ මහත්මියගේ සහභාගීත්වයෙන් ඊයේ (02) දින සිදු කෙරිණ.