ආගම් හා ජාතීන් වශයෙන් චෛතිසිකව බෙදී වෙන් වී සිටි ලාංකේය ජාතියෙන් එම දුරස්වීම් ඉවත් කර ලාංකික ජන සමාජයක් තහවුරු කිරීමට මෙරට ආගමික නායකයන් සමග දැඩි උද්යෝගයකින් කටයුතු කළ අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණෝ මෙරට ආගමික ඉතිහාසයේ යුග පුරුෂයෙක් බව ශ්‍රී ලංකා මහා බෝධි මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.
සංචාරක ආකර්ෂණීය කලාප සංවර්ධන කිරිම හා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවින තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් බැද්දගාන තෙත් බිම් උද්‍යානය සදහා QR කේතයක් හදුන්වාදීම අද(03) දින නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
අඩු ආදායම්ලාභී තරුණ පිරිසට අධ්‍යාපනය ලබා ගැනීමේ පහසුකම් සැලසීම පෙරදැරිකරගෙන තරුණ තරුණියන් 200කට ශිෂ්‍යත්ව ලබාදීමටත්, යෞවනයන් හා ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරීන් සඳහා ශිෂ්‍යත්ව 200ක් ලබාදීමටත් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිසියා ස්කොට්ලන්ඩ් මහත්මිය සිය කැමැත්ත පළකරයි.
ජල සම්පාදන සහ වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ රත්මලාන පිහිටි ප්‍රධාන කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ (02) වන දින නිරත විය.