ඓතිහාසික කුඩම්බිගල තපෝවනයට කි.මී. 6ක් පමණ දුරින් පිහිටි, ඓතිහාසික බඹරගස්තලාව වන සෙනසුන තුළ භාවනායෝගීව වැඩසිටීමට, බෞද්ධ ස්වාමීන් වහන්සේලාට බාධා නොකරන ලෙස, වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ ඇමතිනි, පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදි වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නාය.
ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්ගේ ඉදිරි සංවර්ධනයට ඉවහල් වන ප්‍රධාන අධ්‍යාපන නිපුණතා 10ක් පිළිබඳ ව සඳහන් වන නමුත් 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය වන විට එම නිපුණතා 10 අතරින් 3ක් පමණක් ඉතිරි වන තරම් තරගකාරී අධ්‍යාපන ක්‍රමයක අද දරුවන් සිර වී සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
නොරොච්චෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ලබා ගැනීම සහ එම ගල් අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ලබා ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ විදුලිය කප්පාදුවකින් තොරව විදුලිය ලබා දීමේ හැකියාව පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් අද (24) පැවැත්විණි .
විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාදාමය තවම අවසානයකට පැමිණ නොමැති බවද මෙහි පවතිනුයේ අදාළ ක්‍රියාදාමය අනුගමනය කිරීම සඳහා වූ එකඟතාවයන් සහ එම ක්‍රියාදාමය සිදුවෙමින් පැවතීම බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සාමාජික, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ උපදේශක,හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.