2022 වර්ෂයට අදාළව මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සඳහා ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් යළි කැඳවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඉදිරි කාලයේ වේදිකා නාට‍්‍ය කලාවේ දැවැන්ත පෙරළියක් සිදු කිරිමට බලාපොරොත්තු වන බව සංස්කාතික අමාත්‍යාංශයේ ටවර්හෝල් පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස් දිසානායක මහතා පවසයි.
2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී ඇති අතර මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදි පිළි තොගය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී සිදු විය.
නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක නිරත විය.